Subscribe:

Friday, February 10, 2012

"ටිකෙන් ටික" ගීතය ගැන මට හිතෙන දේ..!!


පහුගිය දවස් වල බොහොමයක් වෙබ් අඩවි වල, මුහුණු පොතේ කතා බහට ලක් උණු මාතෘකාවක් තමයි "“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර ගායනා කරපු" සිද්දිය. ඉතින් ඔබ කවුරුත් මේ සිද්දිය ගැන දන්නවා. බොහොමයක් වෙබ් අඩවි , පුද්ගලයින් මෙය බුදු දහම ඉලක්ක කරගෙන කරණ ලද සැලසුම් සහගත ක්‍රියාවක් ලෙස දක්වමින් ගයාන් පෙරේරාව හංවඩු ගහලා තියෙනවා මම දැක්කා. Daddy සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතයට "භවතු සබ්බ මංගලං" ගාථාව එකතු කරගෙන තිබෙන එක තමයි මේ සිද්දියට ප්‍රදානම හේතුව.



කොහොම නමුත් මම දකින විදියට නම් බුදු දහමට නිගරු කිරීමවත් එසේ නැතිනම් වෙනයම් හානියක් කිරීමවත් නෙවෙයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. මේ සින්දුවට සිංහළ බෙරපද පවා යොදාගෙන අලුත් දෙයක් කරන්නයි ඔවුන් උත්සහ කර තිබෙන්නේ. කාරණාව කොහොම උනත් මේ සිද්දියට අපේ උපාසක මහත්වරු බොහොම අපුරුවට ඔවුන්ගේ අදහස් පළ කරලා තියෙනවාත් මම දැක්ක. Youtube එකේ මෙම සිංදුව යටතේ තියෙන කමෙන්ට් 200 කට වැඩිය පලවෙලා තියෙනවා. නිකමට වගේ මේ කමෙන්ට් බැලුවොත් අපේ උපාසක මහතුන්ගේ තරම තෙරුන් ගන්න පුළුවන්. ඒ අයගෙන් කීයෙන් කී දෙනෙක් පෝයකට පන්සලකට යනවද දන්නේ නැහැ. මෝඩ හරක් වගේ බුදු දහමටම නිගා කරගන්නවා එවැනි කමනේට් පළ කරලා.

හොදයි පොඩ්ඩක් මේ වීඩියෝ එකත් බලලා ඉමුකෝ.


මොකද හිතන්නේ උපාසක මහතුනේ.. මේ සින්දුවත් තහනම් කරන්න කට්ටියම එකතු වෙලා වැඩ කරමු නේද?

මොකද මේ සිංදුවත් රැප් කර, රොක් කර ගායනා කර ඇති අතර, පොඩි ගැටිස්සියන් ලවා පන්සිල් පද පහ ඉතා කුජීත අයුරින් ගායනා කරවා තිබෙන්නේ. අනෙක් කරුණ මොහිදීන් බෙග් නම් මෙම ගායකයාද අන්‍යාගමික ගායන ශිල්පියෙක්. මෙයත් බුදු දහමට විරුද්දව අන්යාගමිකයන් විසින් සැලසුම් කර ක්‍රියාත්මක කල කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්.

LOL !

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපේ උන්ට කියන්න දේවලුත් තියෙන්න ඕන.නැත්නම් නිකන් කට කහනවනේ.මම දැක්කා මුණු පොතේ තියෙනවා දාල අපේ මහා සංඝ රත්නේ මේවා රකින්නේ පන වගේ කියලා.බුදු අම්මෝ,අපේ උන් දන්නවනම් කහ සිවුරු අයියලා කොරන දේවල්,හික්ස් මේවා නතිං නේ ඉතිං.මොන මගුලක්ද.අපේ උන් සින්දුව පොඩ්ඩක් මොඩිෆයි කොරා කියලා ඕකෙන් හෙන ගහන්නේ නෑ.බුද්ධ සාසනේ නැතිවෙන්නෙත් නෑ.පිරිසිදු බුදු දහම විනාස කරන්න මොන බලවෙගේකකවත් බෑ කියලා මුන් දන්නේ නැතුවා වගේ කියන්නෙ.අපේ උන් දන්නේ ඕනෙම දේකට දාන්න පුළුවන් උපරිමෙන්ම උදැල්ල දාන්න විතරයි.මොක උනත් සංගීතය මික්ස් කරද්දී අසාදාරනයක් සංගීතෙට නම් වෙලා නෑ.ඒත් ඔය කියන හානිය බුදු දහමට උනේ කොහොමද කියලාවත් අපේ ඔය කෑගහන උන්දලා දන්නවද කියන එකයි ප්‍රශ්නේ.

    ReplyDelete
  3. පෝයකට පන්සලක් නොදකින උන් තමුන්ගේ ආගමික වාත්සල්‍ය ගැන කතා කිරීම මාර ජෝක් එකක් බං... රැල්ලෙන් මිදිලා වෙනස්ම තේමාවක් එක්ක නිර්මාණයක් කරන්න තවම අපේ රටේ නිදහසක් නෑ... මේ බොරු හම්පඩ ඒක ඒක සංවිදාන වල යක්කු එක්ක.. මේ රටේ ඉන්න මිනිස්සු ගානට වඩා වැඩි පක්ෂ, සංවිධාන... ගෙදර ගෑනි එකක සභාපති.. මිනිහා තව එකක සභාපති...නිහඬව ඉන්න ඒක කොහොමථ් ගයාන්ට හොඳයි... සින්දුවේ ප්‍රචාරණ කටයුතු එයාලටම කරගන්න දීල..

    ReplyDelete