
ටිකකට කලින් IP Man ගේ අලුත් බ්ලොග් එකේ මිනිහා පොඩි කාලේ මුහුණදීපු අකරතැබ්බයක් ගැන ලියල තිබ්බ. ඉතින් ඒක දැක්ක ගමන්ම මගේ හිතටත් පොඩි කාලේ උණු සිද්දියක් මතක් උනා. මට මතක විදියට මම එතකොට හතර වසරේ වෙන්න ඕනේ. උදේ ඉස්කෝලේ ගිහින් හවස ගෙදර ආවහම මම විතරයි ගෙදර ඉන්නේ. අම්මයි, තාත්තයි දෙන්නම වැඩට ගිහින්. ඒ දවස් වල මගේ ලග ඩෙනිම් කොට කලිසමක් තිබ්බ. ඒ කලිසම...